🐅 . සත්ව ලොවේ ධාවන ශූරයා
ඔන්න මම අද ඔයාලට කියන්න යන්නේ සත්ත්ව ලොව වේගයෙන්ම දුවන ධාවන ශුරයා ගැනයි. මේ මනස්කාන්ත බිලාලයා වේගය සඳහාම නිර්මාණය වී ඇත. සැහැල්ලු අස්ථිවලින් සැකසුනු සිරුර දිගටිය. වේගවත් දිවයාමක දී ඉක්මන් හැරීමට වලිගය ආධාර කර ගන්නේ සුක්කානමක් ලෙස ය.
චීටා යන්න හින්දු බසින් සම්බවය වී ඇත. එහි අරුත තිත් ඇත්තෝ යන්න යි. හිස කුඩා ය. ඇස් කොනේ සිට කට දක්වා කළු පැහැ සලකුණක් දිවයයි. බරින් 34 - 36 kg වන අතර උස 81 cm ක් පමණ වේ.
පිරිමි සතුන් විශාලය. චීටා පැයට සැතපුම් 71 ක වේගයෙන් දිව යන අතර එම වේගය මීටර 274 ක උපරිම දුරක් පවත්වාගෙන යයි. මෙම සත්ත්ව විශේෂය මිහිමත සිටින වටිනා සත්ත්ව විශේෂයකි.
Comments
Post a Comment